2020 ජනාධිපතිවරණය ආපසු හැරවීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ඇමරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව වොෂිංටන්හී පවරා ඇති නඩුව කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කෙරේ. ඒ අනුව ලබන වසරේ මාර්තු 4 වෙනිදා එය කැඳවන බව ඇමරිකානු ෆෙඩරල් විනිසුරුවරියක වන Tanya Chutkan විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම දිනය රිපබ්ලිකන් ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේ තීරණාත්මක දිනයට පෙර දිනය වීම විශේෂත්වයකි.කැලිෆෝනියාවේ සිට ටෙක්සස් ජනපධය දක්වා ජනපධ රැසක සිය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමට රිපබ්ලිකන් පක්ෂය එදින සිය ඡන්දය භාවිත කරනු ඇත. අදාළ නඩුව කැඳවීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ නීති කණ්ඩායම යෝජනා කළ දින දෙකම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරිය මාර්තු 4 වන දිනය ප්‍රකාශයට පත් කළාය.අධිකරණ දෙපාර්තමේන්තුව ජනවාරි 2 වෙනිදා එම නඩුව කැඳවන ලෙසටත් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ නීති කණ්ඩායම විසින් එය 2026 අප්‍රේල් මාසයේ දී කැඳවන ලෙසටත් ඉල්ලා තිබිණ.
ඇමරිකා හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩු විභාගයට දින නියම කෙරේ

More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය