වසර 15කට පසු ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමර්සන් වනාන්තරයට සිදුව ඇති ඉහළම හානිය වාර්තා වී තිබෙනවා.
ඇමර්සන් වනාන්තරයේ විනාශය වසරක් පාසා 22% කින් ඉහළ යන බවයි බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මගින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගනිමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.
වර්ග කිලෝමීටර 13 225ක් පසුගිය වසර තුළ ඇමර්සන් වනාන්තරයට අහිමි වී ඇති අතර 2006 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගය එය බව සඳහන්.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බ්‍රසීල ජනපති ජයිර් බොල්සෙනාරෝගේ පාලන සමය තුළ මෙම වනාන්තරයේ වැඩි කොටසක් විනාශයට පත්ව ඇති බවයි.
එහි කෘෂිකාර්මික කටයුතු සහ පතල් කැනීම් කටයුතු දිරිගැන්වීම මෙම තත්වයට තවත් හේතුවී ඇති බව සඳහන්.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්