ඇමෙරිකන් හමුදා යානයකත් දරු ප්‍රසූතියක්

යහපත් ජීවිතයක් උදෙසා සිය මවුබිම අත්හැර විදෙස් රටකට යමින් සිටි ඇෆ්ගන් යුවලකට දාව දැරියක උපත ලබා ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

සී-17 ගුවන් යානායකින් ජර්මනිය බලා ගමන් කරමින් තිබියදී මෙම දැරිය උපත ලබා ඇති අතර ඇය ගුවන් යානයට අදාළ සංඥාවේ (කෝල් සයින්) නම දියණියට ලබා දී ඇත.

“ඔවුන් ඔවුන්ගේ දැරිය ‘රීච් (Reach)’ යනුවෙන් නම් කළා. කටාර් සිට රැම්ස්ටීන් වෙත ගමන් කළ සී-17 ගුවන් යානයේ සංඥාව’ (කෝල් සයින්) ‘රීච් (Reach). ඒ නිසා මවුපියන් ඔවුන්ගේ දියණිය ඒ නමින් නම් කළා” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ යුරෝපීය අණ දෙන මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ජෙනරාල් ටොඩ් වෝල්ටර්ස් පැවැසීය.

රැම්ස්ටීන් යනු ජර්මනියේ පිහිටා ඇති ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් කඳවුරකි. ජර්මනියේ නිරිත දිග ප්‍රාන්තයක් වන රීනලාන්ඩ්-පලාටීන හි එම කඳවුර පිහිටා ඇත.

ඇෆ්ගනිස්තානයෙන් මුදා ගන්නා ඇෆ්ගන් වැසියන් විශාල ප්‍රමාණයක් කටාර් වෙතත් ඇතැම් විට ඇමෙරිකාවත් ඇෆ්ගනිස්තානයත් අතර තිබෙන ඇමෙරිකාවට අයත් කඳවුරකට රැගෙන යයි. ඔවුන්ට ඇමෙරිකාවට හෝ වෙනත් රටකට යෑමට ලැබෙන්නේ ඉන් පසුවය.

ගුවන් යානය ගොඩබැසීමෙන් පසු ඇෆ්ගන් මවට (රීච්ගේ මව) වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අයුරු ඡයාරූපවල දැක්වෙයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com