ඇමෙරිකාවේ කොවිඩ් -19 හදිසි අවස්ථාව තවදුරටත් දීර්ඝ කරන බව අද නිවේදනය කර තිබෙනවා.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද අමෙරිකාවේ ජාතික හදිසි අවස්ථාව මාර්තු මස පළවෙනිදායින් පසුව ද දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කළා. කොවිඩ් වෛරසය මගින් මහජන සෞඛ්‍යයට තවදුරටත් ඇති වෙමින් පවතින අවදානම සැළකිල්ලට ගනිමින් මෙලෙස හදිසි අවස්ථාව දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ඔහු පවසන්නේ.
මේ වන විට ලොව ඉහළම දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වනවා. ඊයේ දිනයේදීත් අමෙරිකාවෙන් ලක්ෂය ඉක්මවා ගිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර 2000 ඉක්මවා ගිය කොරෝනා මරණ සංඛ්‍යාවක් ද වාර්තා වූ බවයි වර්ල්ඩෝමීටර් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි