අමෙරිකානු හමුදාව ඉලක්ක කරමින් උතුරු ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා 3ක් යොදා ගනිමින් එල්ල කළ එම ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවය.
මෙම ප්‍රහාර හේතුවෙන් අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හානි සිදුවී ඇත.
කෙසේවෙතත්, ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති අතර ෂියා මුස්ලිම් සටන්කාමීන් විසින් එම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැක පළකෙරේ.
පසුගිය මාස දෙකක පමණ කාලයක සිටම ඉරාකයේ සිටින අමෙරිකානු හමුදා ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර මෙන්ම රොකට් ප්‍රහාර ද එල්ල විය.
අමෙරිකානු හමුදා සාමාජිකයින් 2,500කට අධික පිරිසක් මේ වන විට ඉරාකයේ යුද මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින අතර මෙම වසරේ අවසානය වන විට අමෙරිකානු හමුදාව, ඉරාකයේ සිය යුද මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට සුදානමින් සිටින බව වාර්තා වේ.
More Stories
පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.4ක වර්ධනයක්
චීනය හා මැලේසියාව නවීකරණ මාවතේ එක්ව අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි–චීන ජනපති
සයිබර් ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවට අවධාරණය කරයි