මෙවර ඔලිම්පික් ක්රීඩා උළෙලේ මේ වන විට පදක්කම් 100 සීමාව පසුකිරීමට සමත් එකම රට බවට පත්වීමට ඇමෙරිකාවට හැකිව තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය ජයග්රහණය කර ඇති පදක්කම් 101ට රන් පදක්කම් 33ක්, රිදී පදක්කම් 36ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ද අයත් වේ.
පදක්කම් 101ට හිමිකම් කියන ඇමෙරිකාව මෙවර ඔලිම්පික් පදක්කම් සටහනේ පසුවන්නේ දෙවන ස්ථානයේ ය.
පදක්කම් සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින චීනයේ ජයග්රහණය කර ඇති පදක්කම් ගණන 81කි.
ඊට රන් පදක්කම් 37ක්, රිදී පදක්කම් 27ක සහ ලෝකඩ පදක්කම් 17ක් ද ඇතුළත් වේ.
තෙවන ස්ථානයේ රැදී සිටින සත්කාරක ජපානය දිනාගෙන ඇති පදක්කම් 51ට රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 16ක් ද ඇතුළත් වේ.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්