වලංගු වීසා කාළය ඉක්මවා ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 18 දෙනෙකු , එරටින් පිටුවහල් කර 9/18 දින රාත්රී කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
මෙම පිරිස ඇමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට කෙන්යාවේ නයිරෝබි නුවර හරහා , කෙන්යානු ගුවන් සේවයේ කේ.කිව්.- 228 දරන ගුවන් යානයෙන් 9/18 දින රාත්රී 11.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව , ඔවුන් මේ වනවිට නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.
ඒ ආකාරයට මෙම පිරිස නීරෝධායන වීමෙන් දින 21 කට පසුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සිට රාජ්ය බුද්ධි අංශයේ නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්රකාශ ලබා ගැනීමට නියමිතය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි