2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද විමසීම අද(05) ආරම්භ විය. ඇමරිකාවේ New Hampshire ප්‍රාන්තයේ Dixville Notch හි ඡන්ද දායකයින් පළමුව ඡන්දය ප්‍රකාශ කර තිබේ. 60 වැනි ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ ආරම්භය ඒ අනුව නිල වශයෙන් සනිටුහන් කෙරිණ.
රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතර තියුණු තරගයක් පවතින බවට අනාවැකි පළ වී තිබෙනවා.
මෙවර ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෝ දෙදෙනා ඊයේ ඔවුනොවුන්ගේ අවසන් ප්රචාරක රැලි සඳහා සහභාගි වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඇමෙරිකාවේ උප ජනාධිපතිවරිය ද වන කමලා හැරිස් මිචිගන් ප්‍රාන්තයේ දී සිය අවසන් ප්රචාරක රැලියට සහභාගි වූ අතර, හිටපු ජනාධිපතිවරයකුද වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්තයේ දී සිය අවසන් ප්රචාරක රැලියට එක්වුණා.
ඇමෙරිකන් ව්‍යවස්ථාව අනුව, එරට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, සිවු වසරකට වරක්, නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දිනයේ.
මෙවර ජනාධිපතිවරණය අද (5) දිනයේ පැවැත්වෙන්නේ ඒ අනුවයි.
More Stories
ඇමරිකානු බුද්ධි අංශ නීතිවිරෝධීව රහස්‍ය තොරතුරු සොරකම් කර ඇති බවට චීනය චෝදනා කරයි
චීන – රුසියා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනයේ සූදානමක්
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි