ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හෙට දිනයේ දී ඊශ්‍රායලයේ විශේෂ සංචාරයක නිරත වන බව බීබීසී පුවත් සේවය සඳහන් කරයි.ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ඊශ්‍රායල සංචාරයේ දී හමාස් සංවිධානයට එරෙහි යුද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා පැවැත්වෙනු ඇති. සිවිල් වැසියන්ට අවම හානියක් සිදුවන ආකාරයෙන් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම පිළිබද එහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇති.
මේ අතර ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම කඩා වැටෙමින් පවතින බව ජගත් සංවිධානය නිවේදනය කර තිබේ. ගාසා තීරයේ සිට ඊජිප්තුවට ඇතුලු වීම සදහා විවෘත කර ඇති ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ද ගුවන් ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් සිදුවු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ. එමෙන්ම හමාස් සංවිධානය ද ඊශ්‍රායලයේ ටෙල් අවිව් ප්‍රදේශය ඇතුලු තවත් ප්‍රදේශ රැසක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි