ඇමෙරිකා – යුක්‍රේන සාකච්ඡා ලබන සතියේ

ඇමෙරිකාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා ලබන සතියේදී සෞදි අරාබියේදී පැවැත්වීමට නියමිතයි.එය අර්ථවත් හමුවීමක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා.ගල්ෆ් කලාපය තුළ  තමන් සිටියද සාකච්ඡාවලට එක් නොවන බවයි යුක්‍රේන නායකයා පවසා ඇත්තේ.

කෙසේ වෙතත් වේගවත් හා කල්පවතින සාමයක් ළගා කර ගැනීමට කැපවී කටයුතු කරන බව ඔහු පවසනවා.රුසියා යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට උත්සාහ කිරීම සඳහාවූ  පසුබිමක්  සැකසීම පිණිස සාකච්ඡා කිරීමට ඇමෙරිකා කණ්ඩායමට අවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා පවසා තිබෙනවා.පසුගිය සිකුරාදා ධවල මන්දිරයේදී පැවති සෙලෙන්ස්කි සහ ට්‍රම්ප්  හමුවේදී දෙපාර්ශ්වය අතර මත ගැටුම් ඇතිවුණා.

එහිදී ට්‍රම්ප් පැවසුවේ සෙලෙන්ස්කි සටන අවසන් කිරීමට සූදානම් නැති බවයි.මෙම සිද්ධි සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා කණගාටුව පළකර ඇති බවද ට්‍රම්ප්ගේ නියෝජිතයා සඳහන් කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com