ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති කඩදාසි කම්හල වසර 09 කට පසු ඊයේ (14) නැවත ආරම්භ කර තිබෙනවා.
එම කම්හල නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සඳහන් කලේ වසා දමා තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල දේශීය ආයෝජකයකු සමඟ ගිවිසුම් ගතවීමෙන් අනතුරුව නැවත ආරම්භ කිරීමට ලැබීම රටේ වාසනාවක් බවයි.
වසා දමා තිබෙන සියලු ම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ද එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
විදේශීය ආයෝජකයන්ට, දේශීය ආයෝජකයන් සහ රජයේ මැදිහත්වීම මත සිය ආයෝජන සිදු කරමින් කර්මාන්ත නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.
මෙම කඩදාසි කර්මාන්ත ශාලාව මඟින් වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75,000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත අතර දේශීය ව අවශ්‍ය කඩදාසි සැපයිමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ කටයුත්ත ආරම්භ කිරීම පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංස මැතිතුමාට ස්වකීය ගෞරවය පුද කර සිටියා.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජෙනරාල් දයා රත්නායක, සී/ස ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න, පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ, ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්