පාසල් අධ්‍යයන කටයුතුවලට කිසිදු බාධාවක් නොවන පරිදි මෙවර මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.
මීට පෙර වසරවලදී පෙරහැර සමයේ පාසල් නිවාඩුව ක්‍රියාත්මක වුව ද වසර කිහිපයක් පාසල් අධ්‍යයන කටයුතු සිදුකිරීම අභියෝගාත්මක වීම හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍ය වෙනුවෙන් පාසල් වසා නොතබන බව ඔහු සඳහන් කළේය.
ඊයේ(22) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත් වූ මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ආරක්ෂක අංශ හා නර්තන කණ්ඩායම් සඳහා නවාතැන් පහසුකම් සම්පාදනයේදී මෙවර පාසල් යොදා ගැනීමට නොහැකි බැවින් 5500 කට ආසන්න පිරිසක් සඳහා විකල්ප ස්ථානවල නේවාසික පහසුකම් සැලසෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
ඒ අනුව ආරක්ෂක අංශයේ 4500 ක් හා දහසක් පමණ වන නර්තන ශිල්පීන් සඳහා මහනුවර නගරයට ආසන්නතම ස්ථානවල නවාතැන් පහසුකම් ලබාදීමටයි සැලසුම් කර ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්