මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ 6ක පමණ පිරිසකට එහි දෙවැනි මාත්‍රාව ලබාදීමට තවමත් නොහැකි වී ඇති තත්වයක් තුළ එම එන්නතේ දෙවැනි මාත්‍රාව වෙනුවට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුවක් නිර්දේශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයේ ද අවධානය යොමුව ඇති බවත් ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
28 හවස රැස්වුණු විශේෂ තාක්ෂණික කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශයක් ලබාදීලා තිබෙනවා ස්පුට්නික් එන්නතේ පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලෙස ලබාදීමට තියෙන හැකියාව පිළිබඳව සොයාබලන්න සුදුසුයි කියලා. මොකද ඔවුන් නිර්දේශ කරනවා මේ ස්පුට්නික් සහ ඇස්ට්‍රසෙනිකා එන්නත් දෙකම ක්‍රියාකරන්නෙ එකම ආකාරයට නිසා සහ ඒවා ඉතාම සමීප බවක් දරණ නිසා ඒක යොදාගන්න පුළුවන් කියන නිර්දේශය ඔවුන් ලබාදීලා තියෙනවා. ඒ පිළිබඳව සොයාබලලා කටයුතු කරන්න කියන නිර්දේශය ඔවුන් අපට ලබාදීලා තියෙනවා. ඒ ගැනත් අපේ අවධානය යොමුවෙලා තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාව තුළ මේ කතාව කරළියට එන්නේ මෙම එන්නත් මිශ්‍රව යොදාගැනීම පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා ඇස්ට්‍රසෙනිකා සමාගම රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙන පසුබිමක් තුළයි. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආචාරධර්ම කමිටුව සඳහන් කර තිබුණේ මේ පිළිබඳ දත්ත ප්‍රමාණවත් නොවන බැවින් මෙවැන්නක් සඳහා අනුමැතිය ලබාදිය නොහැකි බවකි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්