කොවිඩ් 19 වෛරසයට එරෙහි ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ස්ප්‍රේ ආකාරයට නිපදවීමට ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් අවදානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එන්නත් රහිත ක්‍රමයක් යටතේ මෙම ඖෂධය ලබා දීමට මෙහිදී අවදානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සඳහා වැඩිහිටියන් 30 දෙනෙකු යොදාගෙන ලබන සතියේදී පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත අතර මූලික අත්හදා බැලීමේ කොටසක් ලෙස එය ආරක්ෂිත දැයි තහවුරු කර ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන 30 දෙනෙකු මාස 04 ක් මෙම පරීක්ෂණයට සහභාගිවීමට නියමිතයි.
පළමු අදියර සාර්ථක වුවහොත් වෛරසය වළක්වා ගැනීමට හැකිදැයි පරීක්ෂා කිරීමට තවත් පිරිසක් බඳවා ගෙන පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව විද්‍යාඥයින් සඳහන් කරයි.
නාසික ඉසීම මගින් පෙනහළු, උගුර සහ නාසයෙහි ඇති ප්‍රතිශක්තිකරණ සෛල වඩා හොඳින් ඉලක්ක කර කොවිඩ් 19 වෛරසයට එරෙහිව ආරක්ෂා කිරීමට වඩාත් ඵලදායී වනු ඇති බවට එම විද්‍යාඥයින් කණ්ඩායම විශ්වාසය පල කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි