ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීම එහි පළමු මාත්‍රාව ලබාදී සති 45 දක්වා ප්‍රමාද කිරීමෙන් කොවිඩ්-19ට එරෙහි ප්‍රතිශක්තිය ඉහළ නංවන බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
එසේම ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි තෙවැනි මාත්‍රාවක අවශ්‍යතාවක් පිළිබඳවද තොරතුරු හෙළි කරන එම අධ්‍යයනය පෙන්වා දී ඇත්තේ දෙවැනි මාත්‍රාව ලබාදී මාස 06කට පසුව එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදීමෙන් කොවිඩ් වයිරස ප්‍රභේදයන්ට එරෙහිව වඩා වැඩි ප්‍රතිශතයක් නිර්මාණය කෙරෙන බවයි. මීට අදාළ පර්‌යේෂණ පත්‍රිකාව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් පෙරේදා (28 වැනිදා) ප්‍රසිද්ධියට පත්කර ඇත.
ඔක්ස්ෆර්ඩ්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ පර්‌යේෂණවලින් පෙනී යන්නේ පළමු මාත්‍රාවෙන් දීර්ඝ පරතරයක් සහිතව දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට බාධාවක් ඇති නොවන බවය. එමෙන්ම එන්නතෙහි තුන්වැනි මාත්‍රාව මගින් ප්‍රතිදේහ තවදුරටත් වැඩිදියුණු කරන බවත් කියයි.
මෙම අධ්‍යයනය පිළිබඳව වැඩිදුරටත් අදහස් පළකර ඇති ඔක්ස්ෆර්ඩ් සරසවියේ ළමා ආසාදන හා ප්‍රතිශක්තිය පිළිබඳ මහාචාර්ය සහ ප්‍රධාන විමර්ශන මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩෲ පොලාර්ඩ් පවසා ඇත්තේ එන්නතේ අඩු සැපයුමක ඇති රටවලට මෙය සැනසිලිදායක ප්‍රවෘත්තියක් බවයි.
ඇතැම රටවල් අනාගතයේදී තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සලකා බලමින් සිටින බැවින්, ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි තුන්වැනි මාත්‍රාවක බලපෑම පිළිබඳවද මෙහිදී අධ්‍යයනය කර ඇති පර්‌යේෂකයන් තුන්වැනි මාත්‍රාවක් සමග ප්‍රතිදේහ මට්ටම තවදුරටත් වැඩිවී ඇති බව සොයාගෙන තිබේ. තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය බව අපට පෙනී ගියහොත් මෙය ඉතා දිරිගන්වනසුළු ප්‍රවෘත්තියක් වනු ඇති බවද ඔක්ස්ෆර්ඩ් අධ්‍යයනය වැඩිදුරටත් පවසා ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්