ශ්‍රී ලංකාව තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එලෙස පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගේ අත්සනින් යුතුව 2021.03.31 දා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල වෙත ලිපියක් යවමින් කියා ඇත්තේ කොවිඩ් එන්නත් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බවයි.
මේ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත නිකුත් කොට ඇති සියළුම කොවිඩ් එන්නත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල හරහා කොළඹ සේරම් පෙදෙසේ වසංගත රෝග ඒකකයට ආපසු භාර දෙන ලෙසය ද සියලු කාර්යාල වෙත දන්වා යවා ඇත.
රට තුළට එන්නත් 1,264,000ක් ලැබී ඇති අතර අද(02) උදෑසන වන විට එන්නත් මාත්‍රා 923,954 ලබා දී ඇති බව ඒ මහතා සඳහන් කරයි.
අප්‍රේල් මාසය අග වන විට හෝ මැයි මස මුල වන විට නැවතත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අනවුම් කර ලබා ගැනීමට හැකියාවක් ලැබෙන ඇති බව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ නොමිලේ එන්නත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
එන්නත් මෙරටට ලැබුණු වහාම නැවත ජනතාවට එන්නත් ලබා දීමේ කටයුතු ආරම්භ කරන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්