ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනතාවට සයිනොෆාම් එන්නත ලබාගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.
අද (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් මහතා මේ බව පැවසීය.
ඔහු සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එය නිර්දේශ කර නොමැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ යම් අයෙකුට කොවිඩ් රෝගය වැළදුන ද කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම වැදගත් බවයි.
එමෙන්ම ලබාගැනීමෙන් පමණක් කොවිඩ් ව්‍යාප්තිය වැළැක්විය නොහැකි බව ශේෂඥ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ් මහතා වැඩිදුරටත් සදහන් කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට