ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ – සිඩ්නි සමුගනී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී.

මිය යනවිට ඒ මහතා 61ක් වන වියේ පසු වුණා.

රූපවාහිනි කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු ලෙස ජාතික රූපවාහිනියෙන් වෘත්තිය ජිවිතය ආරම්භ කල සිඩ්නි චන්ද්‍රසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.

ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් නිදිකුම්බා මල්, කුමාරයාණෙනි ඇතුළු ටෙලිනාට්‍ය රැසක් නිර්මාණය කළ ඒ මහතා මෙරට රූපවාහිනි ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු රැසක් හොබවනු ලැබුවා.

ගීත රචනයෙහි සුවිශේෂ දක්ෂතාදැක්වූ ඔහුගේ ගීත ගණන සියයකට ආසන්නයි.

ඇස්දෙක පියාන නිදාගන්න මට බෑ. මමයි ඔබේ චංචලා, වෙන්වෙන තරමට, සඳහිරු තාරකා එම ගීත අතරට අයත්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com