අද(29) රාත්‍රී 12 සිට එළැඹෙන 02 වනදා උදෑසන 5 දක්වා වූ කාලය තුළ ඇහැළියගොඩ පොලිස් බලප්‍රදේශයට සංචරණ සීමාවන් පැනවීමට ඇහැළියගොඩ ප්‍රාදේශීය කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වන අට දෙනෙකු එම ප්‍රදේශයෙන් වාර්තා වීමත් පස් දෙනෙකු ඇහැළියගොඩ නගරය ආශ්‍රීතව වාර්තා වීමත් හේතුවෙන් බව මෙම තීරණය ගැනුණු බවයි ඇහැළියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එන්. කුමාරසිංහ මහතා කියා සිටියේ.
මේ අතර ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ මේ වන විට පුද්ගලයන් 1094 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියා.
මේ අතර සිරිපාගම, මල්වල සහ අවට ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමාවත් තවදුරටත් ක්‍රියාත්මකයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්