ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය මුලින් සැලසුම් කළ පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවට ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ESPN Cricinfo වාර්තා කරයි.
දෙපාර්ශ්වය අතර පළමු ද්විපාර්ශ්වික තරගාවලිය වන මෙම තරඟාවලිය සැප්තැම්බර් 1 සිට 5 දක්වා පැවැත්වීමට නියමිතයි.සැලසුම් කර ඇති පරිදි IPL 2021 හි දෙවන අදියර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම නිසා ඇෆ්ගනිස්තාන – පාකිස්තාන එහි පැවැත්විමට හැකියාවක් නැත.
IPL2021 දෙවන අදියර සැප්තැම්බර් 20 වනදා ආරම්භ වීමට නියමිතය.
හම්බන්තොට ක්‍රීඩාංගණයෙදි අවසන් වරට එක්දින තරගයක් පැවැත්වූයේ 2020 පෙබරවාරි මාසයේදීය.එහිදි ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 161 කින් පරාජය කළේය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි