ඉක්වදෝරයේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කෙරේ. ජනාධිපති Guillermo Lasso මහතා ඊයේ (10) රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්රකාශ කළේ, මහ මැතිවරණය සැලසුම් කළ පරිදි අගෝස්තු 20 වැනිදා පැවැත්වෙන බවයි.
පසුගිය 9 වැනි දා සවස, ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක Fernando Villavicencio මහතා එරට Quito අගනුවරට උතුරින් පැවති මැතිවරණ රැලියක දී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මේ හේතුවෙන් ජනාධිපතිවරයා තෙදින ජාතික ශෝක කාලයක් මෙන්ම, දින 60 ක් සඳහා රටේ හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කළේය. ජනාධිපති අපේක්ෂකයාගේ ඝාතනය ‘ත්රස්තවාදී දේශපාලන අපරාධයක්’ වන නමුත්, එය මහ මැතිවරණයට බාධාවක් නොවන බව ද Guillermo Lasso මහතා පැවසීය.
ඉක්වදෝරයේ හදිසි තත්ත්වයක්

More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ