ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ සීමා පනවා ඇත.
“කොවිඩ් – 19” හෙවත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ යුරෝපයේ මුල්ම කේන්ද්‍රස්ථානයට බවට පත්වූයේ ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයයි.
මෙම කලාපය තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වී තිබෙන අතර, ඒ හේතුවෙන් නව සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට බීමහල් වසා දමන්නැයි එරට බලධාරීන් නියෝග කර ඇත.
මෙම ප්‍රදේශයේ උතුරු ඉතාලියේ පිහිටි ධනවත් කලාපයක් ලෙස සැලකෙන අතර, ක්‍රීඩා ඉසව් ද නවතා දමන්නැයි ද බලධාරීන් ඒවායේ සංවිධායකයන්ට උපදෙස් දී ඇත.
යුරෝපයෙන් මුල්වරට නව කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගැනුණේ මෙම ප්‍රදේශයෙනි.
ඒ ඉකුත් පෙබරවාරි මාසයේදීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්