ඉතාලිය විසින් චීන පුරාවස්තු සමූහයක් ආපසු භාරදීම ඊයේ (8) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු කෙරිණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඉතාලි ජානාධිපති Sergio Mattarella මහතා එම අවස්ථාවට එක්වූහ.
2019 වසරේ සිය ඉතාලි නිල සංචාරය තුළදී ද, නීතිවිරෝධීව විදේශ ගත කෙරුණු චීන පුරාවස්තු 796ක් ඉතාලිය විසින් චීනයට යළි භාර දෙනු ලැබූ බව ෂී ජින් පිං මහතා එහිදී සිහිපත් කළේය. එය දෙරට සංස්කෘතික උරුම සම්බන්ධ ක්ෂේත්‍රයේ සහයෝගීතා සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමකි. එමෙන්ම එය ජාත්‍යන්තර සහයෝගීතා ඔස්සේ පුරාවස්තු යළි මව් රටවලට භාරදීමේ නව ආදර්ශනයක් වී තිබේ. මෙවර පුරාවස්තු 56ක් චීනයට යළි භාරදීමෙන් ඉතාලිය චීන සංස්කෘතික උරුම කෙරෙහි පවතින ගරුත්වය පිළිබිඹු වන අතර එය දෙරට මිත්‍රත්වයේ සාධනීය සාක්ෂියක් වනු ඇති බව ෂී ජින් පිං මහතා සඳහන් කර ඇත.
ඊට අමතරව, ෂී ජින් පිං මහතා ඉතාලි ජනාධිපතිවරයා වෙත Chang’e 5 චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමෙන් ලත් සඳෙහි පස් සාම්පල සහිත සමරු තිළිණයක් හා එහි විද්‍යා පර්යේෂණ සාම්පල Sergio Mattarella මහතාට පරිත්‍යාග කර තිබේ.

More Stories
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ