ග්‍රීසියේ සිට ඉතාලිය දක්වා ගමන් ගනිමින් තිබූ මගී නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න හටගන්නා අවස්ථාවේ මෙම නෞකාවේ මගීන් 237 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 51 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ. යූරෝ ෆෙරී ඔලිම්පියා නමැති මෙම නෞකාවේ සිටින මගීන් ඉවත් කර ගැනීම සදහා ග්‍රීක පොලීසිය ටග් යාත්‍රා 03 ක් සහ මුර සංචාර යාත්‍රා 03 ක් යොදවා තිබෙනවා.
මේ අතර සුඛෝපභෝගී වාහන දහස් ගණනක් රැගත් දැවැන්ත නෞකාවක් අත්ලාන්තික් සාගරයේ අසෝරස් දිවයින ආසන්නයේදී ගිනි ගැනීමට ලක්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. පෘතුගාල නාවික සහ ගුවන් හමුදා එහි කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු ඉවත් කර ගැනීමට සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි