වී ගොවිතාන කියන්නේ අතීතයේ ඉදන් අපේ රට තුළ සිදු කරනු ලබන ප්‍රධාන කෘෂිකාර්මික බෝගයයයි. මීට හේතුව වෙලා තියෙන්නේ ගොවිතැන සදහා ඉතාමත් සරු දේශගුණයක්, පසක් අපේ රට තුළ තිබිමයි. කාලයක් යන වී මේ ගොවිතැන අපේ ප්‍රධාන කෘෂිකාර්මාන්තය හා බැදි ප්‍රධානය බෝගය වන අතර අද වන විට අපේ රටේ බොහෝ ප්‍රදේශවල ගොවියන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස මේ වී ගොවිතැන සදහා යොමු වී තිබෙනවා. අතීතයේදී බොහෝ විට අපේ රටේ සියලු ගොවිතැන් කටයුතු සදහා දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් දේශීය පොහොර වර්ග සාදා ඒවා ආදාළ වගාවන් සදහා යොමු කිරීම දක්නට හැකි වුවත් වර්ථමානය වන විට මේ සියලු දේ කෘතිමව නිපදවා, රසායනික් ද්‍රව්‍ය ලෙස වගාවන් සදහා යෙදීම අපි කවුරුත් දකින සහ දන්නා කරුණක්.

වී ගොවිතැන ගැන කතා කරන විට අද දක්නට හැක්කේ බොහෝ වවිධ පලිබෝධ සදහා, කෘමින්ගෙන් ගොවිතැන ආරක්ෂා කිරීම සදහා රසායනික පොහොර වර්ග යෙදීමයි. මේවා ජලයට එක් වීම නිසා විවිධ අයහපත් දේ සිදු වන අවස්ථා ද බොහෝමයක් අපට අසන්නට දකින්නට ලැබේ. නමුත් අපි මේ කියන්නේ අපේ රටේ ප්‍රදේශයක සිදු කරන ලද වෙනස්ම ආකාරයේ ගොවිතැනක් පිළිබදවයි. සමාජ මාධ්‍ය ජාලා හරහා ඔබ සියලු දෙනාම දුටු දසුනක් තමයි ගොවිතැන් කරන කුඹුර හරහා ගලා යන ජල පහරවල් වල මසුන් ඇති කිරිම.

මේ ක්‍රමය ජපානය, වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල් වල අදටත් සිදු කරනු ලබනවා. නමුත් මෙවැනි දෙයක් අපේ රටට අලුත්. වී ගොවිතැන් කරන කුඹුර ගලා යන ජල පහරවල් වල මත්ස්‍යයන් ඇති කරන්නට අපේ රටේ දෙහිඅත්තකණ්ඩියයේ බඹරවාන කියන ගමේ අලුත්ම වැඩක් පටන් අරන් තියනවා. ඒ තමයි වී වගාව සමග මසුන් වගාව සිදු කිරීම. අපේ රටට මෙය අලුත් දේයක් වුවත් වී වගාව සමග මසුන් වගාව ඉතාම සාර්ථක වගාවක් ලෙස ආසියානු රටවල මේ වන විට සිදු කරගෙන යනු ලබනවා.
වී වගාව සමග මසුන් වගාව සිදු කිරීමේදි ඒ මගින් ගොවිතැනට සිදුවන වාසි බොහෝමයක් තිබෙනවා. මෙහිදි සිදු වන්නේ මසුන් විසින් බැහැර කරන බහිස්‍රාවීය අපද්‍රවය පසෙහි සාරවත් බව වැඩි කිරීම, මසුන්ගේ චලනය හේතුවෙන් ජලයේ වාතනය වැඩිවීම, වී වගාවට හානි කරන කෘමි සතුන් ආහාරය ගැනීම ආදි ලෙස වාසි බොහෝමයක් හිමි වේ. මේ ඔස්සේ හිමි වන තවත් වාසියක් වන්නේ වී අස්වැන්න මෙන්ම මත්ස්‍ය අස්වැන්නත් මෙයින් ලබා ගත හැකි වීමයි. මේ වගා ක්‍රමය ඉතාමත් සාර්ථක ක්‍රමයක් ලෙස පෙන්වා දීය හැක.
(මේ ගැන වැඩි විස්තර ඔබටත් දැන ගැනීමට වශ්‍ය නම්ධීවර නිළධාරී සම්පත් බංඩාර මහත්තයාව සම්බන්ධ කර ගැනීමට ඔබට හැකියාව ඇත. 0714016008)
- Made in Sri Lanka වෙබ් පිටුව ඇසුරින්
More Stories
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය
සමස්ත ආසියානු ජනතාවගේ පොදු අපේක්ෂාවන් පිළිබිඹු කරන චීනයේ අලුත් අවුරුදු තෑග්ග…
ඇමරිකාව සයිබර් ආරක්ෂණ ගැටළු මුවාවෙන් චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්