ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ඉවත් කරගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම ලාංකිකයන් පිරිස මුදවා ගෙන ඇත්තේ.
මෙම සියලුම ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනකදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මෙම පිරිස ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ නියුතුව තිබේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග