ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක පැවැත්වනවාද නැද්ද යන තීරණය හෙට (28) පෙරවරුවේ ලැබීමට නියමිත ඉන්දීය ක්‍රීඩකයන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණ ප්‍රතිඵල මත රදාපවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.
ඉන්දීය පිලේ සියලුම දෙනා කොවිඩ් ආසාදිත ක්‍රීඩකයාගේ ආශ්‍රිතයන් වීම නිසා ඉන්දීය පිලේ සියලුම ක්‍රීඩකයන් නැවත පී.සී.ආර්. පරීක්‍ෂණවලට යොමු කළ බවත් එම පී.සී.ආර්. ප්‍රතිඵල වඩාත් තීරණාත්මක වී ඇති බවත් එම නිලධාරියා කීය.
ඉන්දීය ක්‍රීඩක කෘනාල් පාණ්ඩ්‍යා ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගැනීම නිසා අද (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි20 තරගය හෙට දක්වා කල්දැමීය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි