දකුණු අප්රිකාවේ ජනාධිපති ලෙස කලක් කටයුතු කළ එෆ් ඩබ් ද ක්ලාර්ක් මරණයට පත්වී තිබේ.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 85කි.
ඔහු එරට මෙතෙක් පාලනය කළ අවසාන සුදු ජාතික ජනාධිපතිවරයා ද වෙයි.
දකුණු අප්රිකාවේ වර්ණභේදවාදය නිම කිරීමට මුල්වූ නෙල්සන් මැන්ඩෙලා ව 1990 දී නිදහස් කළේ ඔහුගේ පාලන සමයේදීය.
ජනාධිපති ද ක්ලාර්ක් ට පිළිකාවක් වැළඳී ඇතිබව 2020දී තහවුරු විය. ඔහු 1989 සිට 1994 දක්වා දකුණු අප්රිකා රජයේ ප්රධානියා ලෙස කටයුතු කළේය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ