ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා
වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම පීඩන අවපාතය ඉදිරි පැය 6 තුළ දී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බවයි
පීඩන අවපාතයක් බවට පත්වී පසුව එය එළඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති
මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන්කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස් කාලයේ දී ඇතුළු විය හැකියි
නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි
වයඹ පළාතේ තැනින් තැන වැසි ඇති වෙන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ
දිවයින පුරා අහස වලාකුළු බරව පවතින බවත් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැ.කි.මී 30 – 40 පමණ දක්වා වන සාමාන්‍යයෙන් තද ප්‍රහාරාත්මක සුළං ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්