එළඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී යුරෝපයේ දෛනිකව සිදුවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කරනවා. එම සංවිධානයේ යුරෝපීය අධ්‍යක්‍ෂ හෑන්ස් ක්ලූග් සඳහන් කළේ එය සුබදායී පුවතක් නොවූවත් ප්‍රායෝගිකව මුහුණදිය යුතු තත්ත්වයක් බවයි.
එමෙන්ම එන්නතක් මගින් කොවිඩ් 19 වසංගතය මුළුමනින්ම තුරන් කළ හැකිද යන්න පිළිබඳව තවමත් විශ්වාසයක් නොමැති බවයි ඔහු කියා සිටියේ. කොවිඩ් 19 වෛරසය සඳහා විවිධ එන්නත් වර්ග එක්රැස් කිරීමද ප්‍රායෝගික වන්නේ නැහැ. මේ හේතුවෙන් මෙම වසංගත තත්ත්වය තුළ ජීවත්වීමට ඉගෙනීම වඩාත් ධනාත්මක ප්‍රවේශය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්‍ෂවරයා අවධාරණය කළේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්