විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ මුහුදු සීමාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව නාවික හමුදාව පවසයි.
විශේෂයෙන් ඉන්දියාවේ සිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් මුහුදු මාර්ගයෙන් මෙරට උතුරු ප්‍රදේශයට පැමිණීමේ අවදානමක් පවතින බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
මීට පෙර අවස්ථාවල දී මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර එය තවදුරටත් තීව්‍ර කරමින් පවත්වාගෙන යන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අතර නාවික හමුදාව විසින් ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පල කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්