භාරතීය ජනතා පක්ෂය මෙරට පිහිට වුවහොත් සහ එම පක්ෂය මෙරට මැතිවරණ වලට ඉදිරිපත් වුවහොත් වෛරසයක් විය හැකි බව පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රකාශ කර සිටියා.
මේ වන විටත් වතුකරයේ දේශපාලනය හසුරවන්නේ ඉන්දියාව බවත් ටී .එන් . ඒ . සන්විධානය පවා හසුරවනු ලබන්නේ ඉන්දියානුවන් බවත් උන් වහන්සේ පෙන්වා දුන්නා .
20 වන සංශෝදනය මගින් ද්විත්ව පුරවැසියන් හට මෙරට දේශපාලනය කිරීමේ හැකියාව ලබා දුන් අතර මේ සිදු කොට තිබෙන්නේ ඉන්දියාවේ දේශපාලන අරමුණු ඉටු කිරීමක් නොවේදැයි උන් වහන්සේ ප්‍රශ්න කර සිටිනවා .
යම් කිසි හෙයකින් මෙසේ භාරතීය ජනතා පක්ෂය මෙරට පිහිටවුවහොත් වරාය පමණක් නොව පන්සලක්වත් ඉතිරි නොවනු ඇතැයි උන් වහන්සේ අනතුරු ඇගෙව්වා .
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්