ඉන්දියාවට ඉනිමක පරාජයක්

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 76ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම අද (28) සමත් විය.

එම තරඟය හෙඩිංලි ක්‍රීඩාපිටියේ පැවැත්වුණි.

තරඟයේ සිව් වැනි දිනය වූ අද, දිවා භෝජනයට පෙර සංචාරක ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 278කට දැවී ගියේය.

ඔලී රොබින්සන් ලකුණු 65ට කඩුලු 5යි.

චෙතෙස්වර් පුජාරා 91යි.

ඔවුන් අද දිනය අරඹන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 215ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 78කට සිය පළමු ඉනිම සඳහා දැවී ගියේය.

ඊට පිළිතුරු ලෙස නායක ජෝ රූට් ලබාගත් 121ක සමගින් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 432ක් රැස් කළේය.

ඒ අනුව තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරඟය බැගින් ජයගෙන තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com