T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ අද (03) පැවැති ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරගයෙන් ජයග්‍රහණය ලබාගැනීමට ඉන්දියාව සමත්විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 02ක් පමණක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 210ක් රැස් කළේය.
කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය.
ඒ අනුව ලකුණු 211ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානයට කඩුලු 07ක් බිඳවැටී නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 144ක් පමණි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි