මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටින් ඉන්දියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකසහිත ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක් සහ ජාවාරම් කරුවන් දෙදෙනෙක් පසුගිය දා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා
උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී සැක කටයුතු ලෙස යාත්‍රා කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කිරීමෙන් පසුවයි
අත්අඩංගුවට ගත් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් අතර අවුරුදු 29ක් වන පිරිමි පුද්ගලයෙක්, අවුරුදු 29 සහ 38 වයස් වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් , අවුරුදු 08 සහ 09 වයස් වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙක් වූ අතර, ඔවුන් මන්නාරම නානට්ටාන් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික පුද්ගලයන් බවට හඳුනා ගෙන තිබෙනවා .
ජාවාරමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 37 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචි කරුවන්.
එමෙන්ම කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් සහ ඩිංගි යාත්‍රාව, ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා විමර්ශන කටයුතු නාවික හමුදාව හා පොලිසිය එක්ව මේ වන විටත් සිදුකරමින් සිටිනවා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්