වසර දහයකට අධික කාලයක් පුරා ඉන්දියාවේ සැඟව සිට එහි කෝවිඩ් ව්‍යාප්ත වීම හේතුවෙන් මුහුදු මගින් මෙරටට පැමිණ මුල්ලියාවේලි ප්‍රදේශයේ සැඟව සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
සැකකරු 36 හැවිරිදි සුබ්‍රමනියම් පිංගල නැමැත්තෙක් බව ද පොලීසිය කියයි .
මොහු 2009 වසරේ කටුනායක ගුවන් තොටුපොළෙන් චෙන්නායි බලා ගොස් ඇති අතර පසුව වසර 10ට අධික කාලයක් පුරා චෙන්නායි නාගපට්නම් ප්‍රදේශයේ ජීවත්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි.
චෙන්නායි ප්‍රදේශයේ රෝගය ව්‍යාප්ත වීමත් සමගම සැකකරු ඉකුත් මාර්තු මස 12 වැනි දින බෝට්ටු මගින් නීති විරෝධීව මෙරටට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු අනුව පොලීසිය දැනුවත් කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත .
නීරෝධායන නීති උල්ලංඝනය කිරීම , ආගමන විගමන නීති උල්ලංඝනය උල්ලංඝනය කිරීම යන කරුණු අනුව සැකකරු අද (11) මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්