කොවිඩ් 19 වෛරසය මේ වනවිට සමස්ත ඉන්දියාවම වෙලාගනිමින් සිටී. මේ වනවිට එරට තුළ දෛනිකව හඳුනා ගන්නා නව ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 03 ඉක්මවා ඇති අතර දෛනිකව 2500 කට අධික පිරිසකගේ ජීවිත අහිමි වෙමින් තිබේ.
ඊයේ දිනයේදී එරටින් හඳුනා ගත් නව ආසාදිතයන් ප්‍රමාණය 349,313 ක් වන අතර එය පෙර දිනයට වඩා 4000 ක වර්ධනයකි. ඊයේ දිනයේදී කොවිඩ් රෝගීන් 2761 ක් මියගොස් තිබේ.
කොවිඩ් රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ දැවැන්ත අර්බුදයකට ඉන්දියානු බළධාරීන් මුහුණ දී සිටින අතර දැවැන්තම අර්බුදය වී තිබෙන්නේ හුස්ම ගැනීමේ අපහසුතා සහිත රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්ද ආරම්භ කර තිබෙන නමුත් එය තවමත් ප්‍රමාණවත් වී නොමැත.
මේ අතර දිල්ලි පොලීසියේ මැදිහත්වීම මත ප්ලාස්මා ප්‍රතිකාර සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ප්ලාස්මා පරිත්‍යාගශීලීන්ගේ ඩිජිටල් දත්ත බැංකුවක් පිහිටුවා තිබෙනවා. එය නම්කර තිබෙන්නේ ‘ජීවන් රක්ෂාක්’ යනුවෙනි. අන්තර්ජාලයේ ගූගල් පෝරමයක් නිර්මාණය කරමින් ප්ලාස්මා පරිත්‍යාග කළහැකි පුද්ගලයන්ගේ තොරතුරු එකතු කරමින් සිටී.
ඉන්දියාවේ මතුව ඇති තත්වය සැළකිල්ලට ගනිමින් හදිසි ආධාර ලබාදීමට ඇමරිකානු ධවන මන්දිර පාලනය තීරනය කර තිබෙනවා. වෛද්‍ය පහසුකම් මෙන්ම සෞඛ්‍ය සේවකයන්ද ලබාදීමට තීරණය කර ඇති බවයි ධවල මන්දිර ප්‍රකාශකයෙකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ. ඉන්දියාවෙන් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වීම සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි කනස්සල්ලට පත්ව ඇති බවද අදාල ප්‍රකාශකයා සඳහන් කරනවා.
- Lanka news
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි