ඉන්දියාවෙන් ගෙනා එන්නතක ඒඩ්ස් සංඝටක ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
මෙය කොවිඩ් එන්නත්කරණය සම්බන්ධ සිදුවීමක් නොවන බවත් මෙය කලකට පෙර සිදුවූ සිදුවීමක් බවයි ඔහු සඳහන් කළේ. යම් ආයතනයක් ගෙන්වන ලද බෙහෙතක ඒඩ්ස් සංඝටක ඇති බවට සැකයක් මත එය ගෙන්වීම ඖෂධ නියාමන අධිකාරිය හරහා නතර කර පරීක්ෂණයක් සිදු කර පසුව නැවත ගෙන්වීම සඳහා අවසර ලබාදුන් බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි