ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක (රු කෝටි 8000ක) හුවමාරු ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් බව මහ බැංකුව ප්‍රකාශ කර තිබෙනවා.
මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පවසන්නේ සාර්ක් රටවල් සඳහා ලබාගත හැකි SWAP ගනුදෙනුවට 2020 වසරේදී ශ්‍රී ලංකාව අත්සන් කරන ලද බවත් එය එක්වරක් ආපසු ගෙවීමෙන් පසු 2021 දී නැවත ආපසු ලබාගත හැකි බවයි. මුලින් ලබාගත් ණය මුදල මේ වසරේ පෙබරවාරි මාසයේ ගෙවා තිබේ. එබැවින් ඊළඟ ණය මුදල ම වසරේ අගෝස්තු මාසයේ ලබාගත හැකි බව මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙනවා.
බංගලාදේශ මහ බැංකුව විසින් ලංකාව වෙනුවෙන් අනුමත කර ඇති SWAP ණය මුදල පිලිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ අවශ්‍යතා කිහිපයක් සපුරාලීමත් සමඟ එම ක්‍රියාවලිය වේගයෙන් ඉදිරියට යනු ඇති බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්