තනි මාත්‍රාවකින් යුත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවට ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා නිවේදනය කර තිබේ.
ඉන්දියාව තුළ හදිසි භාවිතයට අනුමැතිය හිමිවූ පස්වැනි කොවිඩ් මර්දන එන්නත මෙය වේ.
ඉන්දියාවේම නිෂ්පාදිත කොවැක්සින් සහ කොවිෂීල්ඩ් එන්නත් සමග රුසියාවේ ස්පුට්නික් වී, අමෙරිකාවේ මොඩර්නා යන එන්නත් මේ වන විට එරට තුළ ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසහන් සඳහා භාවිත කෙරේ.
ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහනකට හිමිකම් කියන ඉන්දියාව දින 208 ක් තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 500ක් ලබාදී ඇති බව එරට වාර්තා සඳහන් කළේය.
කෙසේ වෙතත් ජූලි මාසයේ සිට ඉන්දියාවේ දෛනික ආසාදිතයන්ගේ සාමාන්‍ය අගය තිස්දහසක් හතළිස්දහසත් අතර අගයක් ගන්නා බව සඳහන්ය.
ඒ අනුව අවදානම් සහගත තත්වය තවමත් පහවගොස් නොමැති බවට වෛද්‍ය විශේෂඥයන් අනතතුරු අඟවයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි