මස්පිඬු ආබාධය සුව නොවීම හේතුවෙන් ඉන්දීය එක්දින නයක රෝහිත් ෂර්මා ට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ද අහිමි වනවා.
නිත්‍ය ඉන්දීය එක්දින නායකයා නොමැති වීම හේතුවෙන් KL රාහුල් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබෙනවා.
විරාත් කෝලි එක්දින නායකත්වයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්ත ද ඔහු දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියට නම් කළ කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේදී එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ට වඩා බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා.
ශිකර් ධවාන් යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 13 දෙනෙකු මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම කැපිපෙනන සිදුවීමක්. කේ එල් රාහුල්, විරාත් කෝලි, රිෂාබ් පාන්ට්, ශ්‍රෙයාස් අයියර්, රවිචන්ද්‍රන් අශ්වින්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ් යන ක්‍රීඩකයින් ඉන්දීය එක්දින සංචිතයට ඇතුළත්ව සිටිනවා.
ඉන්දීය එක්දින සංචිතය: KL රාහුල් (නායක), ශිකර් ධවාන්, රුතුරාජ් ගයික්වාඩ්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදෙව්, ශ්‍රෙයාස් අයියර්, වෙන්කටේෂ් අයියර්, රිෂාබ් පාන්ට් (කඩුළු රකින්නා), ඉෂාන් කිෂන් (කඩුළු රකින්නා), යුෂ්වේන්දු චාහල්, රවිචන්ද්‍රන් අශ්වින්, වොෂින්ටන් සුන්දර්, ජස්ප්‍රිත් බුම්රා (උප නායක), බුවනේෂ්වර් කුමාර්, දීපක් චාහාර්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, ෂර්දුල් තාකූර්, මොහොමඩ් සිරාජ්
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව