ඉන්දියාවේ ග්ලැසියරය උත්තර්කන්ඩ් වේල්ල බිඳ දැමීමෙන් පසු මහ ගංවතුර තත්වයක් අැතිව තිබෙන අතර ඉන් 150ක පමණ පිරිසක් අතුරුදන් වී තිබෙනවා.
කැඩුණු වේල්ල උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ නිම්නයක් හරහා ජලය ගලා ඒමට හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.
ගම්මාන වලින් ජනතාව පසුව ඉවත් කර ඇති නමුත් 150 දෙනෙකු පමණ ගංවතුරට ගොදුරු වන්නට ඇතැයි නිලධාරීන් අනතුරු අඟවයි.
සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවෙන් පෙන්නුම් කළේ ගංවතුර ජලය ප්‍රදේශය පුරා ගලා බසින අතර විශාල හානියක් සිදුව අැති බවයි.
මළ සිරුරු තුනක් සොයාගෙන ඇති අතර පුද්ගලයින් 150 දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒඑෆ්පී ජාත්‍යන්තර ප්රවෘත්ති ඒජන්සියට පවසා තිබෙනවා.
අතුරුදහන් වූවන්ගෙන් වැඩි දෙනෙක් තපෝවන් ප්‍රදේශයේ කඩාවැටුණු වේල්ල අසල විදුලි ව්‍යාපෘතිවල සේවකයින්.
රිෂිගංග ජල විදුලි ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන වේල්ලේ සේවය කරන පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි අනුමාන කරනවා.
නමුත් සමහර කම්කරුවන් එම ස්ථානයෙන් බේරාගෙන තිබෙනවා. සුන්බුන් වලින් පිරී තිබූ උමගක් තුළ සිරවී සිටි කම්කරුවන් 16 දෙනෙකු බේරා ගැනීමට හදිසි කාර්ය මණ්ඩලය සමත් වුණා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ තත්ත්වය නිරීක්ෂණය කරන බවයි. “ජාතිය එහි සිටින සෑම දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් යාච්ඥා කරයි” යනුවෙන් ඔහු ට්විටර් පණිවුඩයක් තබා තිබුණා.
ගඟේ ජල මට්ටම දැන් සාමාන්‍යයට වඩා මීටරයක් (අඩි 3.2) ඉහළ මට්ටමක පවතින නමුත් ගලායාම අඩු වෙමින් පවතිනවා.
අසල්වැසි ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ගංගා ආශ්රිත ප්‍රදේශ කිහිපයක් ගංවතුර තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් සිටී.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි