බටහිර ඉන්දියාවට හමා ආ යෝධ සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටවුක්ටේ නම් මෙම යෝධ සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
එමෙන්ම මුම්බායි හි යාත්‍රාකළ නැවක ගමන් ගත් මගීන් 96 දෙනෙකු අතුරුදන් වී ඇති බවද වාර්තා වේ.
එමෙන්ම දස දහස් සංඛ්‍යාත ජනයාගේ විදුලිය විසංධි වීමක් ද මෙම සුළිකුණාටුව හරහා සිදුවී ඇත.
කොවිඩ් වසංගත තත්ත්වය තුළින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබිය දී මෙම සුළි කුණාටුව එරට ජනයා විඳි පීඩාව දෙගුණ තෙගුණ කිරීමට සමත්ව තිබේ.
දේශගුණික විපර්යාස මත අරාබි මුහුදේ හටගත් දරුණු සුළිකුණාටු තුළින් නිර්මාණයට වන්නට ඇතැයි සැලකෙන මෙම ටවුක්ටේ සුළිකුණාටුව පැයට කිලෝමීටර 185 ක වේගයෙන් හමා ආ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුළඟේ සැර මත ගස්, විදුලි කණු හා ජංගම දුරකතන කුළුණු පවා බිඳගෙන යාමට මෙම කුණාටුව සමත් වී තිබේ.
- LNW
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි