ඉන්දීයාවේ මාධ්‍ය ප්‍රදේශයේ සිද්දි දිස්ත්‍රික්කයේ බස් රථයක් ඇළ මාර්ගයකට වැටීම නිසා පුද්ගලයින් 40ක් මිය ගොස් ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
මෙම බස් රථය ඇළට පෙරළෙන අවස්ථාවේ එහි 60 දෙනෙකු සිට ඇතැයිද සඳහන්. අනතුරුට හේතුව ලෙස සොයාගෙන ඇත්තේ බස් රථය පාලනයෙන් මිදීම බවයි සඳහන් වෙන්නේ.
ඉන්දීය රාජ්‍ය ආපදා ප්‍රතිචාර බලකායේ සාමාජිකයන් පිරිසක් සහ පොලීස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් විසින් අතුරුදහන් වූ පිරිස සොයා පරික්ෂණ ආරම්භ කර තිබූ අතර ඒ අනුව මිය ගිය 32 දෙදෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබේ.
මේ වන විට අතුරුදහන් වූ පිරිස සොයා ගැනීම සඳහා එම ඇළ මාර්ගයේ ජල ප්‍රවාහනය ද නවතා දමා ඇති බවට සඳහන් වෙයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි