ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයේ හමුදා මෙහෙයුමක් අතරතුරදී සිදුකළ වෙඩි තැබීමකින් සාමාන්‍ය වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඉන්දියා, මියන්මාර දේශසීමාව අසල පිහිටා ඇති නාගලන්ත ප්‍රාන්තයේ විශේෂ මෙහෙයුමකට එක්ව සිටි භට පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකිනුයි සිවිල් වැසියන් ඝාතනයට ලක්ව ඇත්තේ. කැරළිකරුවන් පිරිසක් පලායන බවට ලද තොරතුරක් අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
එම කැරළිකරුවන් පලායන මෝටර් රථ ලෙස සලකා හමුදාව වෙඩිතබා ඇත්තේ සිවිල් වැසියන් ගමන් කළ මෝටර් රථයකටයි. සාමාන්‍ය වැසියන් මියයාමත් සමග ප්‍ර දේශවාසීන් හා හමුදාව අතර ගැටුමක් හටගත්තා. එහිදී පිරිස පාලනය කිරීමට ජීව උණ්ඩ යොදා ගනිමින් හමුදාව වෙඩි තබා ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
ගැටුම් අතරතුර දී හමුදා සෙබලෙකු ද ජීවිතක්ෂයට පත්වුණා. හමුදාවට අයත් මෝටර් රථ තුනක් ගිනි තබා විනාශ කිරීමට ප්‍ර දේශ වාසීන් මෙහිදී කටයුතු කළා. කෙසේ වුවද සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන්ට දඩුවම් පමුණුවන බව නාගලන්ත මහ ඇමතිවරයා සදහන් කරනවා.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ