ඉන්දියාවේ බෝපාල් නගරයේ ළමා රෝහලක හටගත් ගින්නකින් අලුත උපන් බිළිඳුන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් බිළිඳුන් 36 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිවූ බවයි ගිනි නිවීම් අංශ සඳහන් කලේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇත්තේ.
එමෙන්ම මියගිය බිළිඳුන් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 04 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසටද ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.
පසුගිය ඉරිදා දිනයේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක කොරෝනා ප්‍රතිකාර වාට්ටුවක හටගත් ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගියා.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ