ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය වෙනස් වෙයි.
දරුණු කොවිඩ් රැල්ලකට මුහුණදුන් ඉන්දියාව අභිබවා ගිය ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ.
මේ වන විට ලොව වැඩිම දෛනික මරණ වාර්තාවන රට වන්නේද ඉන්දුනීසියාවය.
වසංගතය තුළ එරටින් වාර්තාවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ(20) මරණ 1,338 ක් සිදුවී තිබුණි.
එය මේ මස මුලදී වාර්තා වූ දෛනික මරණ මෙන් දෙගුණයක වැඩිවීමකි.
රෝහල්වල රෝගීන් ධාරිතාව ඉක්මවායෑම නිසා බොහෝ පුද්ගලයන්ට නිවෙස්වලදී නිරෝධායනයට ලක්වීමට සිදුවී තිබේ.
එලෙස නිරෝධායනය වෙමින් සිටියදී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු ස්වෙච්ඡා සේවකයන් විසින් රැස්කර අවසන් කටයුතු සිදුකර තිබුණි.
මේ අතර ඉන්දුනීසියාවෙන් නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යා දත්ත බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව පර්යේෂකයන් පවසයි.
More Stories
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි
ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්