නිල සංඛ්‍යාලේඛන වලට අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන දෙක පසුකර තිබේ.
ලෝකයේ කොරෝනා ආසාදිතයින් මිලියන දෙකේ සීමාව පසුකළ තෙවන රට වන්නේ ඉන්දියාවයි.
විචාරකයින් පවසන්නේ ඇමරිකාවට හෝ බ්‍රසීලයට වඩා ඉක්මනින් ඉන්දියාව මෙම සීමාව පසුකළ බවයි. දෙවන මිලියනය දක්වා යෑමට ඉන්දියාවට ගතවී ඇත්තේ දින 20කි.
ඒ් අනුව මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 2,025,409ක් වාර්තා වී ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් රෝගීන් 62,170ක් තහවුරු කරගෙන තිබේ.
ඉන්දියාව මේ වනවිට ලෝකයේ වැඩිම දෛනික රෝගීන් වාර්තා වන රට බවට ද පත්වී තිබේ.
ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 40,700කි.
මරණ සංඛ්‍යාවෙන් ඉන්දියාව ලෝකයේ පස්වන ස්ථානයට පැමිණ ඇත.
කෙසේවුවද විශේෂඥයින් පවසන්නේ බිලියන 1.3ක් වන ඉන්දියානු ජනගහනය හා සසඳන විට ඒය ඒතරම් ඉහල අගයක් නොවන බවයි.
ඉන්දියාව සැලකියයුතු ප්‍රමාණයකින් කොරෝනා වයිරස පරීක්ෂණ පුළුල් කර ඇති නමුත් සමහර ප්‍රාන්ත වල සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
කොරෝනා වයිරස මරණ ගනනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්දව ඉන්දියානු රජයට චෝදනා ඒල්ල වී ඇති අතර මරණ වාර්තා කිරීම් ප්‍රමාද වන බවටද, කොරෝනා මරණයක් බවට තහවුරු කිරීමේ නීති රීති සම්බන්ධව ද විවේචන ඒල්ලවී තිබේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි