මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රිඩා උළෙලට අයත් කාන්තා විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් පූර්ව වටයේ පළමු තරඟයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 4 කින් පරාජයට පත් කරමින්.
බර්මින්හැම් හි පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක‍්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තා.
සමී‍්‍රති මන්දනා ලකුණු 61 යි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.
විස්සයි විස්ස තරඟාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන තරඟය ඕස්ටේ‍්‍රලියා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර මෙරට වේලාවෙන් රාත‍්‍රී 10 යි 30 ට බර්මින්හැම් හි දී ආරම්භ වීමට නියමිතයි.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්