ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර පිළිබඳ වාර්ෂික ලැයිස්තුවක් ලබාදෙන ලෙස මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුම්දී තිබෙනවා. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ අතර සිදුවූ හමුවකදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙරට ආහාර අවශ්‍යතාව කල්තියා දැනගැනීමට හැකි නම් එම ආහාර ලබාදීම සඳහා සිය රටේ ආර්ථික ප්රතිපත්තිවලදී ප්රමුඛස්ථානයක් ලබාදිය හැකි බවයි ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කර තිබෙන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට